ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 110 ජයක්
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී ඊයේ (19) පැවැති තරගයෙන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 110 ක පහසු ජයක් ලබමින් අතිරේක ප‍්‍රසාද ලකුණ ද හිමිකර ගැනීමට සමත් වූහ. මෙම ජයත් සමග සත්කාරක ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.
ඉන්දීය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාරවිය. ඉන්දීය ඉනිම ඕවර 43.3 කදී ලකුණු 178 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. බෙන් හිල්ෆනවුස් ඉන්දීය පිලේ විනාශකරු වෙමින් ලකුණු 33 කට කඩුලූ පහක් දවා ගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් මයික් හසී (59) සහ පීටර් ෆොරෙස්ට් (52) අර්ධ ශතක රැස් කළහ.
තරගාවලියේ මීළග තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වේ.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 5 ට 288 (මැතිව් වේඞ් 45, ඬේවිඞ් වෝනර් 43, පීටර් ෆොරෙස්ට් 52, මයික් හසී 59, ඬේවිඞ් හසී නොදැවී 26, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 30, ඉර්ෆාන් පතන් 61/3)
ඉන්දියාව ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 178 (සුරේෂ් රයිනා 28, මහේන්ද්‍ර සිං දෝනි 56, රවීන්ද්‍ර ජඬේජා 18, ඉර්ෆාන් පතන් 19, බෙන් හිල්ෆනවුස් 33/5, බ්‍රෙට් ලී 49/3)

