ඕස්ටේ‍්‍රලියාවට තෙවැනි තැන
ඕස්ටේ‍්‍රලියාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. තෙවැනි ස්ථානය සඳහා ඕක්ලන්ඞ්හි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 21-18 කින් වේල්සය පරාජය කළේය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-3 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවිය. ජයග‍්‍රාහි ඕස්ටේ‍්‍රලියානු පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින්, දඩුවම් පහර දෙකකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබූ අතර ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු එකතු කර ගත්තේය.

