ඕස්ටේ‍්‍රලියාව ලෝක ශූරයන් ගෙදර යවයි
නවසීලන්තයේ දැන් පැවැත්වෙන 7 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (9) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප‍්‍රිකාව ලකුණු 11-9 කින් පරාජය කිරීමට ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝ සමත්වුහ.
අවසන් වරට 2007 වසරේ පැවැති හය වැනි ලෝක රග්බි තරගාවලියේදී ශූරතාව දිනාගත් දකුණු අප‍්‍රිකාව මෙවර ද ශූරතාව දිනාගනු ඇතැයි අපේක්‍ෂාවෙන් සිටි රටයි. තරගයේ පළමු අර්ධය අවසානයේදී ලකුණු 8-3 ක් ලෙස ජයග‍්‍රාහී ඕස්ටේ‍්‍රලියානු පිල පෙරමුණේ සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ නායක ජෙම්ස් හෝර්විල් උත්සාහක දිනුමක් සාර්ථක කරගත් අතර ජෙම්ස් ඕක්නර් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඕස්ටේ‍්‍රලියාවට ජය හිමිකර දුන්නේය. දකුණු අප‍්‍රිකාව උත්සාහක දිනුමකින් හා ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලබා ගත්තේය.
කෙසේවෙතත් අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ රටවල් ශ්‍රේණිලත කිරීමට අනුව ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ස්ථානයේ පසුවන අතර දකුණු අප‍්‍රිකාව හිමිව ඇත්තේ එහි තෙවැනි ස්ථානයයි.

