ඕස්ටේ‍්‍රලියාව දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි


වසර 42 ක  ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට  ඕස්ටේ‍්‍රලියානු පිල දවාලීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (18 වැනිදා) සමත් විය. ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර බි‍්‍රස්බේන්හි වූලන්ගැබා කී‍්‍රඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 කට දැවී ගියේය.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ 70 කි. 1977 දී එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී පැවැති තරගයකදීත්, 1986 දී නවසීලන්තයට එරෙහිව ඇඩිලේඞ්  ඕවල් පිටියේදීත්  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 කට දැවී ගොස් තිබිණ.  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් මීට පෙර ශී‍්‍ර ලංකා පිල හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ පසුගිය වසරේ සිඞ්නි නුවරදී පැවැති තරගයකදී ලකුණු 158 කට දැවී යාමයි.

ලකුණු 40 කට  ඕස්ටේ‍්‍රලියානු පිලේ 9 වැනි කඩුල්ලත් බිඳවැටීම නිසා  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 70 ට අඩුවෙන් දවාගැනීමේ හොඳ අවස්ථාවක් ශී‍්‍ර ලංකා පිලට හිමිවූ නමුත් අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එක්කළ මිචෙල් ස්ටාක් (නොදැවී 22) සහ සේවියර් ඩොහටි (15)  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 74 ක් දක්වා ඔසවා තැබූහ.

නුවන් කුලසේකර එක දිගට  ඕවර 10 ක් යවමින් ලකුණු 22 කට කඩුලූ 5 ක් දවාගත් අතර ලසිත් මාලිංග (14/3), ඇන්ජලෝ මැතිව්ස් (10/1) සහ ශමින්ද එරංග (12/1) ඉතිරි කඩුලූ බෙදාහදා ගත්හ.