ඕස්ටේ‍්‍රලියාව තෙවැනි ටෙස්ට් තරගය කඩුලු 5 කින් ජයගනී


ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සිඞ්නිහිදී පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ  ඕස්ටේ‍්‍රලියානු පිල 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජය ද ලැබීය.  

තරගයේ සිවුවැනි දිනය වන අද (06) තේ විවේකයෙන් පසු  ඕස්ටේ‍්‍රලියානු පිල ලකුණු 141 ක ජයග‍්‍රාහි ඉලක්කය සම්පූර්ණ කළේය.
තෙවැනි දිනය අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටි ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම අද (06) පෙරවරුවේ ලකුණු 278 කට සීමා විය.

ශ‍්‍රී ලංකාව පළමු ඉනිම  ඕවර 87.4 කදී 294 සහ දෙවැනි ඉනිම  ඕවර 82.1 කදී 278

(දිමුත් කරුණාරත්න 85, මහේල ජයවර්ධන 60, ඇන්ජලෝ මැතිව්ස් 16, දිනේෂ් චන්දිමාල් 62, ධම්මික ප‍්‍රසාද් 15, මිචෙල් ජොන්සන් 34/3, ජැක්සන් බර්ඞ් 76/3)

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම  ඕවර 107 කදී කඩුලූ 9 ට 432 සහ දෙවැනි ඉනිම  ඕවර 42.5 කඩුලු 5 ට 141

(එඞ් කවන් 36, පිලිප් හියුස් 34, මයිකල් ක්ලාක් 29, මයික් හසී නොදැවී 27, රංගන හේරත් 46/3)