ටෙස්ට් තරගාවලිය ජයගෙන සිටියද අවසාන මෙහොත දක්වාත් තවත් ජයග‍්‍රහණයක උත්සාහය අත නොහළ ඕස්ටේ‍්‍රලියානුවෝ කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (20 වැනිදා) දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 303 ක් රැස්කරගෙන සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු පිල ඒ වන විටත් ලකුණු 146 ක් ඉදිරියෙන් සිටි අතර සිවුවැනි දිනය අවසානයේදී ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් පවසා සිටියේ තරගයේ අවසන් දිනයේ වුවද අවස්ථාවක් ලදහොත් ශී‍්‍ර ලංකා පිල පීඩනයට නතු කිරීමට තමන් සූදානම් බවයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට මයිකල් ක්ලාක් (නොදැවී 71) සහ මයිකල් හසී (නොදැවී 21) පිටියේ රැඳී සිටි අතර රංගන හේරත් ලකුණු 91 කට කඩුලූ 4 ක් දවාගෙන සිටියේය.
ඡායාරූපය : ශාන්ත රත්නායක