ශ‍්‍රී ලංකාවට එරෙහිව අනිද්දා (18) බි‍්‍රස්බේන්හිදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගය සඳහා වන සංචිතයට වේග පන්දු යවන කී‍්‍රඩක බෙන් කටින් කැඳවා තිබේ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රබලතම වේග පන්දුයවන්නන් දෙදෙනා වන මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාම සුළු ආබාධ වලින් පසුව සුවය ලබමින් පසුවන හෙයින් ඕස්ටේ‍්‍රලියානු පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිීරීම සඳහා බෙන් කටින් සංචිතයට කැඳවා තිබේ.
කෙසේ වෙතත් මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාටම තුන්වැනි එක්දින තරගය සඳහා සහභාගි වීමේ හැකියාව ඇතැයි ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් නිලධාරීහු පවසති.
25 හැවිරිදි දකුණතින් වේග පන්දුයවන බෙන් කටින් ඇඩිලේඞ්හිදී පැවැති දෙවැනි එක්දින තරගයේදී එක්දින වරම් ලැබූ අතර එහිදී එක කඩුල්ලක් දවාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටුව පවසන්නේ ජොන්සන් සහ ස්ටාක් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් පසුව හෙට තරගයට ක‍්‍රීඩා කරන්නේ නම් බිග් බෑෂ් තරගාවලියේ අවසන් තරගය සඳහා කී‍්‍රඩා කිරීමට බෙන් කටින් නිදහස් කරන බවයි.

