ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 4 ට 390 යි


සංචාරක ශ්‍රී ලංකා පිල සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී අද (06) ආරම්භ වූ පුහුණු තුන්දින ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 390 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම  ඕවර 90 කදී කඩුලූ 4 ට 390 (ස්කොට් හෙන්ද්‍රි නොදැවී 172, මාකස් හැරිස් 20, උස්මාන් කවාජා 56, ග්ලේන් මැක්ස්වෙල් 91, ටේ‍්‍රවීස් හෙඞ් නොදැවී 35)