ඕස්ට්‍රේලියාවේ සිටි පිරිසක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

කොරෝනා වසංගත රෝග තත්වය නිසා  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද(10) උදෑසන මෙල්බර්න් නුවර  සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
 
අද උදෑසන 6.12 ට ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි .
 
 ඉන්පසුව එම ගුවන් මගීන් කොරෝනා ආසාදිත තත්වයෙන් පසු වන්නේ ද යන්න , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා බැලීමක් ද සිදු කෙරුණි .
 
 එම කටයුතු ද නිමාවෙන් පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ මගින් , මෙම ගුවන් මගීන් සියලු දෙනා , නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .