(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර , ඔවුන් හලාවත ප්‍රදේශයෙන් , බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද 16 දින උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි බී.එච්.වී.සී.අයි නැමැති විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත , එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි .
මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව , වැඩිදුර විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

