ඉන්දුනීසියාවේ සරණාගත කඳවුරක රැදී සිටින ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 65 දෙනෙකු විසින් ඔවුන් නවසීලනතයට බාර ගන්නා ලෙස නවසීලන්ත රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාරග පවසයි.
බංගලිදේශ හා මියන්මාර ජාතිකයෝද එහි වෙති. මෙම පිරිස නවසීලන්ත රජයට යොමු කළ ලිපියෙන් තවදුරටත් දැනුම් දී ඇත්තේ දේශපාලන ගැටලු හා තවත් කරුණු මත පදනම්ව තමන් ඇතුළු පිරිස මව් රටවල් වලින් පලා ආ බවය.
මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කළ මෙම ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනා ඉකුත් 2වැනිදා ඉන්දුනීසියාවේ දූපතකට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පියවර ගත්තේය. ඒ සඳහා දෙරට අතර ගිවිසුමක් පවතී.

