ඕස්ට්‍රේලියාවේ රැකවරණ පතා බෝට්ටුවකින් ගිය ශ්‍රී ලාංකිකයින් 153 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවට බාර දුන් බවට ක්‍රිස්මස් දූපතේ පැතිර යන වාර්තා ගැන ප්‍රතිචාර දැක්වීම ඔස්ට්‍රේලියා රජය ප්‍රතික්ෂේප කරයි.
ඕස්ට්‍රේලියා නාවික හමුදාවෙන් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගත් බව කියන මෙම පිරිස සමඟ දුරකතන සබඳතා ඇනහිට ඇත.
බෝට්ටුවේ තිබු දුරකතනය ඕස්ට්‍රේලියා රජය රාජසන්තක කිරීම ඊට හේතුව බව කියති.
සරණගාතයින් පනස් දෙනකු රැගත් තවත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියා මුහුදු තීරයට පැමිණ ඇතැයි කියතත් ඕස්ට්‍රේලියාව එය තහවුරු නොකරයි. අන්තර්ජාතික නීතී රීතී අනුව ඕස්ට්‍රේලියා රජය සරණාගතයිනට නොසලකන බව පෙනේ යැයි මානව හිමිකම් නීතීඥයෝ කියති.

