ඕස්ට්‍රේලියා ජාතිකයකු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු, නීතිඥයකු හා තවත් පුද්ගලයකු සමග එක්වී පවත්වාගෙන ගිය සමාගම වංචනික ලෙස තම නමට ලියාගෙන බැංකුවේ තිබූ ඩොලර් ලක්ෂයක් (රුපියල් 133,67822)වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරයකුගෙන් අද ප්‍රශ්න කිරීමට පොලිසිය සැරසෙයි.
මෙම සමාගමේ පුද්ගලයකුගෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජන ඇතැයි ඔහු රවටා සමාගම නීතිඥයාගේ නමට ලියාගෙන ඇතැයිද මෑතදී ඕස්ට්‍රේලියා ජාතිකයා සිය රටට ගොස් ඇතැයිද කියති.

