ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අවසර ඇතිව දිවි නසා ගනී



ඕස්ට්‍රේලියාවේ ඩේවිට්  ගුඩෝල් නැමැති විද්‍යාඥයෙක් ඊයේ (10) ජාත්‍යන්තර වේලාවෙන් උදෑසන 10.30ට (ග්‍රිනිච් වේලාවෙන්) ස්විස්ට්සර්ලන්ත රජයේ අවසරය ඇතිව සියදිවි හානි කරගත්තේය. 
 
ස්විස් රජයේ අවසරය සහ සහාය ඇතිව සියදිවි හානි කරගන්නා විට විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල් 104 වන වියේ පසුවිය. 
සියදිවි හානි කරගැනීමට බොහෝමයක් රටවල නීති විරෝධී ක්‍රියාවක් වන අතර ඕස්ට්‍රේලියාව එය තහනම් කර තිබේ. 
 
කෙසේ නමුත් ස්විට්සර්ලන්ත නීතිය අනුව සිහි බුද්ධියෙන් සිටින ඕනෑම අයකුට අදාළ නෛතික කරුණු සම්පූර්ණ කිරීමෙන් පසු අවසරය සහ සහාය ඇති ව සියදිවි හානි කරගැනීමට හැකියාව තිබෙන අතර එය ‘සහන මරණයක්’ ලෙසින් හැඳින්වේ. 


විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල්ට කිසිදු මාරක රෝගයක් නොතිබුණු නමුත් තමන්ගේ ශරීරය දුර්වල වී ඇතැයි ද තවත් ජීවත්වීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් මරණයට පත්වීමට අවශ්‍ය බවත් දිගින් දිගටම පැවැසීය.

ඕස්ට්‍රේලියානු නීතිය යටතේ සියදිවි නසා ගැනීමට අවසර නැති බැවින් විද්‍යාඥ ඬේවිඞ් ගුඩෝල් ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානයේ සහාය ඇතිව ස්විට්සර්ලන්තයට පැමිණියේය. 
 
දිවි තොර ගැනීමට විදයාඥයාට අවසර ලැබීමෙන් පසු ජාත්‍යන්තර වේලාවෙන් (ග්‍රිනිච් වේලාවෙන්) ඊයේ (10) උදෑසන 10.30 ට  විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය සඳහන් කර තිබිණි. 
 
ඒ.එෆ්.පී
 
055