ඕස්ට්‍රේලියා කඨිනෙට ‘අලියෙක්’


අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන් පුරෝගාමීව ආරම්භ   කළාවූ  ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ බෙරික් ශාක්‍යමුණී  සම්බුද්ධ විහාරයේ කඨින මහා පිංකම, ඕස්ට්‍රේලියාවේ වත්මන් සංඝනායක, දිගාමඩුල්ලේ විමලානන්ද   නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ‍්‍රී ලාංකික සැදැහැවතුන්ගේ නොමසුරු ඇප උපකාරයෙන් පැවැත්විණි.

මෙවර කඨින උත්සවය විවිධ සංස්කෘතික අංග මගින් සමන්විත විය.දෙස් විදෙස් බොහෝ දෙනෙකුගේ කතාබහට එය ලක්වූයේ  කොබවක විමල ධම්ම හිමියන්ගේ සැලසුමකට අනුව නිර්මාණය   කරන ලද , දැවැන්ත හස්ති රාජයා එම පෙරහැරෙ ගමන් ගත්   ආකාරයයි.

මෙම පිංකමට  ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයෙන් මෙන්ම වෙනත්   ප‍්‍රාන්ත වලින් ද  භික්‍ෂූන් වහන්සේලා විසි පස් නමක් වැඩම  කළහ.