ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62 - 28 ක ජයක් ලබයි


කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ  ඕල්ඞ් පීටර්ස් පිල සහ ගුවන් හමුදා ‘බී’ පිල අතර බම්බලපිටිය පොලිස් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති තරගයෙන්  ඕල්ඞ් පීටර්ස් පිල ලකුණු 62- 28 ක ජයක් ලැබීය. තරගයේ පළමු අර්ධය අවසානයේදී පීටර්ස් පිල ලකුණු 28-20 ක් ලෙස පෙරමුණේ සිටියේය. එල්. සමරසිංහ (28), ජේ. ප‍්‍රනාන්දු (8) පීටර්ස් පිල වෙනුවෙන්ද, ජී. ශානක (20) සහ එම්. සාබ්රීන් (12) ගුවන් හමුදා ‘බී’ පිල වෙනුවෙන් ද ලකුණු ලැබුහ.