ඕමානයේ සංචාරක වීසා රැකියා සඳහා දොරටු වසයි


(අංජුල මහික වීරරත්න)

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්‍යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමනයේ රැකියා වල නිරතවිය නොහැකි බවත් සංචාරක  වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

තවද ඕමාන් රාජ්‍යයේ නීත්‍යානුකූල රැකියා ලබා ගැනීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විසින් නිකුත් කරන ලද නියාමනය කරන ලද මාර්ග සහ මාර්ගෝපදේශ පමණක් භාවිතා කරන ලෙස මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටී.