2009 මැයි මාසයේ අවසන් වූ යුද්ධය ආරම්භ වීමටත් වසර ගණනකට පෙර ආරම්භ වූ වවුනියා ඕමන්ත මුරපොළෙන් යුද හමුදාව අද ඉවත් කළේය.
යුද්ධයේ උච්චත අවස්ථාවට පැමිණි සමයේ හමුදා මුර පොළ ඉදිරිපිිට කොටින්ගේ මුරපොළක්ද ස්ථාපිත කර තිබුණි. උතුරට ආ ගිය වාහන එම කොටි හමුදා මුරපොළේදී දැඩි සෝදිසියට ලක් කෙරෙිණි. කොටින්ගේ අවසර පත්‍රයක් නැතිව එදා උතුරට යා නොහැකි විය.
හමුදා මුර නිලධාරින් පවසනුයේ සාමාන්‍ය වැසියන්ට කිසිදු සෝදිසියකින් තොරව දැන් උතුරට යා හැකි බවයි. හමුදා පොලිසිය පමණක් එහි රාජකාරියේ යෙදී සිටින බව ද දැනගන්නට ඇත.








