ඕමන්තේ බස් රථයක් හා බවුසරයක් ගැටී 24 කට තුවාල


(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්‍රි කෙයිදපුලියන්කුලම් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක් අද (30) එකිනෙක ගැටීමෙන් 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලීසිය පවසයි.

වව්නියාව සිට යාපනය දෙසට ගමන් ගත් ඇගුලුම් කර්මාන්ත ශාලාවකට අයත් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් හා යාපනය දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් බව්සරයක් මෙසේ අනතුරට පත්ව ඇත.