නැගෙනහිර ආණ්ඩුකාර පදවියේ වැඩ බාර ගත් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන ඔස්ටින් ප්‍රනාන්දු මහතා නියම කළේ තම කාර්යාලයයේ ආරක්ෂාවට පොලිසියේ දෙදෙනකු පමණක් ලබාගෙන හමුදාව ඔවුන්ගේ බැරැක්කයට යැවීමටයි.
නැගෙනහිර පළාත් ලේකම්වරු රතු පලස එළා ආණ්ඩුකාරවරයා පිළිගත්හ.
යුද්ධය දිනා ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර නවෝදය යටතේ විශාල මුදලක් එහි සංවර්ධනයට වැය කළත් ජනපතිවරණය දිනා ගත නොහැකි වූයේ පරිපාලනයේ දුර්වලකමක් නිසා යැයි ඔහු කීවේය.



