(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ටේ්‍රලියාව අතර කොල්කටාහිදී දැන් පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී ලකුණු 212 කට සීමාවිය.
ඕස්ට්‍රේලියාවට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඕවරයකට ලකුණු 4.26 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 213 ක් රැස්කළ යුතුය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීම තෝරාගත් දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුලු හතර ලකුණු 24 කට බිඳ වැටුණි. ඉන් පසුව හෙන්රිච් ක්ලාසීන් (47) සහ ඩේවිඩ් මිලර් (101) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 95 ක සම්බන්ධතාව තරමක හිස එසවීය.
ඩේවිඩ් මිලර් අන්තයක් ආරක්‍ෂා කරමින් පන්දුවට පහර දෙමින් පන්දු 116 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකානු ඉනිමේ 14 වැනි ඕවරයේදී වර්ෂාව ඇදහැලීමෙන් තරගය පැයක් පමණ අත්හිටුවීමට සිදුවිය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 49.4 කදී සියලු දෙනා දැවී 212
(හෙන්රිච් ක්ලාසීන් 47, ඩේවිඩ් මිලර් 101, ජෙරල්ඩ් කොයිට්ෂි 19, මිචෙල් ස්ටාක් 34/3, ජෝෂ් හෂල්වුඩ් 12/2, ටේරවිස් හෙඩ් 21/2, පැට් කමින්ස් 51/3)

