(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන එක්ගල්ඔය වැවේ ඔරු පැදීමට ගිය නව දෙනකුගෙන් යුත් පිරිසක් ගමන් ගත් ඔරුවක් පෙරැළිමෙන් ඉන් සිව් දෙනකු අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි.
බදුල්ල ප්‍රෙද්ශයේ පාසලක සිසුන් පිරිසක් සංචාරයක් පැමිණ ඇති අතර ඉන් පිරිසක් අද පෙරවරුවේ 7.00 පමණ ඔරැවක නැගී වැවට ගොස් තිබේ.
පවතින සුළං තත්වය සමඟ ඔවුන්ට ඔරුව පාලනය කිරිමට නොහැකිව ඔරුව පෙරැළී මෙම පිරිස අතුරුදන් වී ඇතැයි පොලිසිය කියයි.
මෙහි නවදෙනෙක් ගොස් ඇති අතර පස්දෙනෙකු බේරී ගොඩට පැමිණ ඇති අතර දැනට අතුරුදහන්ව ඇත්තේ විදුහල්පති, ගුරුවරයකු, මුරකරුවෙකු සහ සිසුවෙක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අම්පාර ප්‍රජා පොලිස් ඒකකයේ පිහිණුම් සහ ජීවිතාරක්ෂක කණ්ඩායම සිදුවිම වු ස්ථානයට යවා අතුරුදහන් වු අය සෙවීමේ කටයුතු ආරම්භ මේ වන විට අරඹා තිබේ