(රොමේෂ් මධුෂංඛ)
මුලතිව්, පුදුකුඩිඉරිප්පු කල්ලිඅඩි ඔයේදී සෙල්ෆි ගැසීමට ගිය පාසල් සිසුන් පිරිසකගෙන් දෙදෙනකු ඔයේ ගිලීමෙන් මියගොස් ඇති බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසූවේ මිතුරන් 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමඟ ඔයේ දිය නෑමට ගිය අදාළ සිසුන් දෙදෙනා දුරකථනයෙන් ජායාරූප ගැනීමට ඔය මැදට ගොස් ඇති අතර එහිදි වැලි ගැනීමට හෑරූ වළක වැටී ඔවුන් මියගොස් ඇති බවයි.
පුදුකුඩිඉරිප්පු ශිවනගර් ප‍්‍රදේශයේ පදිංචි 17 වියැති ශිවරාසා බහිදරන් හා තවම් කණිෂ්ටන් නමැති සිසුන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති අතර නෑමට ගිය සිසුන්ගේ දැනුවත් කිරීම මත ගම්වාසීන් හා පොලිසිය මැදිහත්වි ඔය පරීක්ෂා කිරීමේදී සිරුරු සොයා ගැනීමට හැකිවී ඇත.

