බදුලූ දිස්ත‍්‍රික්කයේ මාලියද්දේ නාරන්ගස්තැන්න අති දුෂ්කර ගමකි. කන්ද කැටියේ සිට කිලෝ මීටර් 15 ක් ඈතින් පිහිටි මේ ගමට කුඩා ඔය තරණය කැර කිලෝමීටර පහක් කඳු නැඟ යා යුතුය. කඩවර දේවාලය ඇතුළු දේවාල තුනකුත් පුංචි කඩ තුනක් ඇති මේ ගමේ ගෙවල් 60 කි. අඳේට කුඹුරු වැඩ හා හේන් ගොවිතැන් ප‍්‍රධාන ජීවන මාර්ගයයි. පාසලක් හෝ පන්සලක් ද නැත.