ඔමික්‍රෝන් ආසාදිතයයෝ තවත් 75ක්


(සුජිත් හේවාජුලිගේ )

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ආසාදිතයන් 75 දෙනකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

මෙම ආසාදිතයන් 75 දෙනා හමුවී ඇත්තේ සාම්පල 78ක් පරීක්ෂා කිරීමේදී බවද හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 383ක් දක්වා ඉහළ යනු ඇත .