ඔබේසේකරපුර හුදෙකලා කරන්නැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ඉල්ලයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

 

ඔබේසේකරපුර දින 14 කට හෝ හුදෙකලා ප්‍රදේශයක් බවට පත් නොකළහොත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ ද කොවිඩ් පැතිරීමේ අවදානම වැඩිවිය හැකි බව කෝට්ටේ නගර සභා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මනෝජ් රොද්‍රිගෝ  මහතා අද (11) පැවසීය.

ඔබේසේකරපුර නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් රතු කලාපයක් ලෙස නම් කර ඇති බවත් එම කලාපය හුදකලා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවත් පසුගිය මහ සභා වාරයක දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින්  සිදු කළ ප්‍රකාශය පිළිබඳව වෛද්‍යවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු මෙසේ කීය.

ඔබේසේකරපුර සිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සේවයට විවිධ වෘත්තීකයන් පැමිණෙන බව සඳහන් කළ වෛද්‍යවරයා යම් පුද්ගලයකු කොවිඩ් ආසාදිත හෝ ආශ්‍රිත තත්ත්වයට පත්වන තුරු ඔවුන්ට රැකියාවට වාර්තා නොකරන්නට යැයි දැනුම් දීමට නොහැකි බව පැවසීය.

එහෙයින් කොවිඩ් කලාපයක් සේ වන ඔබේසේකරපුර සිට එම සේවකයින් සේවයට වාර්තා කිරීම තුළින් යම් අවදානමක් සභා කාර්යාල වන ද මතු විය හැකි බව ඒ මහතා පැවැසීය.

මේ වන විට පුරතිවරයාගේ උපදෙස් මත සිදුකළ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රතිඵල වලට අනුව කාර්යාල වන කොවිඩ් පැතිරීමේ තත්ත්වය පාලනයට සියලු පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.

මේ පිළිබඳව පසුගිය මහ නගර සභා සභාවාරයේ ද මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අදහස් පළ කරනු ලැබීය. ඒ අතරේ ‍ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු වන ප්‍රභාත් විද්‍යාපති  මහතාද අදහස් පළකරමින් ඔබේසේකරපුර නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල  රතු කලාපයක් ලෙස නම් කර ඇති බවත් ගෝතමීපුරට ආසන්න ම පිහිටි ඔබේසේකරපුර යම් අවදානමක් ඇති  බවත් පැවසීය.

 ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිතයකු බවට පත්ව සිට සුවය ලබා ඇති නාගරික මන්ත්‍රි චන්දිම නයනජිත් මහතාද එම සභා වාරයේදී ඔබේසේකරපුර දින දාහතරකට හුදෙකලා කර ජනතාවගේ ආරක්ෂාව සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව මත පළ කරනු ලැබීය.