ඔබාමා මහින්දගේ අඩි පාරේ නොයයි


තෙවැනි වතාවටත් තමා තරග කළොත් ජයග්‍රහණය කරන බව ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියයි.

කෙසේ වුවද තමන් ඇමෙරිකා ව්‍යවස්ථාවට ගරු කර එම අදහසින් බැහැර වන බව ද ඔබාමා පවසයි.

ඇමෙරිකා ජනාධිපති මේ අදහස් පළ කළේ ඉතියෝපියාවේ සංචාරයකට නිරතවන අතරතුරදී ය.

‘මම ඇත්තටම හිතන්නේ මම හොඳ ජනාධිපතිවරයෙක්. මම හිතන්නේ මම තරග කොළොත් දිනන්න පුළුවන්. නමුත් මට බැහැ. අමෙරිකාවේ ඉදිරියට ගෙන යන්න ගොඩක් දේවල් කරන්න මම ආසයි. නමුත් නීතිය නීතියමයි. ඉතින් නීතියට උඩින් කවුරුත් නෑ. ජනාධිපති වුණත් නීතියට යටත්.‘

ඇමෙරිකා ජනාධිපතිවරයකුට බලයේ සිටිය හැකි උපරිම කාලය වසර අටක් ලෙස එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ය.