ඔන්ලයින් ගෙන්වන භාණ්ඩවලට අලුතින් බද්දක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩවලින් බදු අය කිරීමට  අවධානය  යොමුවී ඇතැයි වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ලොව වෙනත් රටවල පවතින තත්වයන්ද එහිදි සැලකිල්ලට යොමු කරන බව හෙතෙම සඳහන් කළේය.

ඇමතිවරයා මෙසේ පැවසුවේ පත්කළ මන්ත්‍රී  මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි .

ඔන්ලයින් වෙළදාමෙන් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව  මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් වාණිජ වෙළදාම වර්තමානයේදී සීග්‍ර  ලෙස වර්ධනයවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක්  යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත්  කීවේය.