ඔන්චිල්ලාවෙන් වැටුණු දැරිය මියයයි


වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි  රෝහල් ආරංචි මාර්ග පවසයි.


මෙසේ මිය ගොස් ඇත්තේ  රශ්මි අරලිය නැමැති 13 හැවිරිදි දැරියකි.


ඊයේ (04)  සවස වේයන්ගොඩ ළමා උද්‍යානයකදී මව සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් එම දැරිය බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ අතර ඇගේ මව දිස්නා ජානකි (47)  ඊයේ මිය ගියාය.


මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කලමනාකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. 

(36698)