ඔක්තෝබර් 26 ගියානම් ජනතාවට මොකුත් නෑ


(අංජුල මහික වීරරත්න)

“මහදැනමුත්තා” ඇරඹූ මිරිජ්ජවිල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දහයක්වත් නැතැයි ද,  අක්කර 1200ක් වන බිංගිරිය වෙළෙඳ කලාපයෙන් පසු උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා වෙළෙඳ කලාප ඉදි කරන බව ද, ඔක්තෝබර් 26 වෙනිදා ගෙදර ගියා නම් රටේ දැන් සිදුවන සංවර්ධන කටයුතු කිසිවක්  ජනතාවට ලැබෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිංගිරියේදී අද (04) පැවැසීය.

හය වැනි පරාක්‍රමභාහු රජුගෙන් පසු රට සහලින්  ස්වයන්පෝෂිත කළ තමා කෘෂිකර්මයට කැමති නැතැයි දෙඩවීමේ පදනම කුමක් දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

ඩි.එස්.සේනානායක සහ ජේ.ආර්.ජයවර්ධන යුගයේදී එම කාර්ය ආරම්භ කෙරුණු බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තපුරය ලෙස ඉදිවන බිංගිරිය කර්මාන්තපුරයේ වැඩ ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

අදියර තුනක් යටතේ මෙම කර්මාන්ත පුරය ඉදිකෙරේ.තුන්වන අදියරේ වැඩ සම්පුර්ණ වූ පසුව බිංගිරිය ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තපුරය බවට පත් වනු ඇත.

පළමු අදියරයට තේ අක්කර 164ක්ද,දෙවන අදියරයට තේ අක්කර 284ක් ද තුන්වන අදියරයට තේ අක්කර 550ක් ද සංවර්ධනය කොට කර්මාන්තපුරයකට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

බිංගිරිය කර්මාන්තපුරයේ වැඩ ඇරඹීමේ උත්සවය සඳහා මැති ඇමතිවරු, විදේශ තානාපතිවරු ආයෝජකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි