ඔක්ටේන් 95 පෙට්‍රරල් ලීටරයක මිල ඉහළට


 

 

රංජන් කස්තුරි

 

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක මිල රුපියල් 2 න් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ද ඉහළ නංවා තිබේ.

මෙම ඉහළ නැංවිම අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංහය සඳහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් ලීටරයක නව මිල රුපියල් 157 ක් වන අතර  සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 ක් වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ලීටරයක් රුපියල් 145 ක් ලෙස අලෙවි කරන ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රරල් මිල හා ලීටරයක් රුපියල් 118 ක් ලෙස පවතින සුපර් ඩීසල්  මිලෙහි කිසිදු වෙනසක් නොවන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ලෝක වෙළඳපොළහි තෙල් මිල ඉහළ යෑම නිසා මිල සුත්‍රයට අනුව එම මිල නැංවිම ක්‍රියාත්මක කළ බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේය.

කෙසේ වෙතත් ඉකුත් 2014 පැවති ඉන්ධන මිල අඩුම පවතින බවද මංගල සමරවීර මහතා පැවසීය.