
(සිතුම් චතුරංග)
වවුනියාව,කුලවිසුඩ්ඩාන් ප්‍රදේශයේදී ඔංචිල්ලාවක් බැඳ තිබු කණුවක් හිස මතට කඩා වැටීම හේතුවෙන් මාස පහක දැරිවියක ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,කනගරායන්කුලම පොලිසිය කියයි.
පොලිසිය පැවසූවේ සාරියක් යොදාගෙන ගසක අත්තක හා කණුවක දෙකොන බැඳ තිබු ඔංචිල්ලාවක දැරිය සිය මව සමඟ හිඳගෙන සිටින අවස්ථාවක ඔංචිල්ලාව බැඳ තිබු කණුව ගැලවි දැරියගේ හිස මතට වැටී ඇති බවයි.
අනතුරින් තුවාල ලත් දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති නමුත් දැරිය මියගොස් ඇති බව පොලිසිය පැවසූහ.
කණුව වැටීම වැළැක්වීමට දැරියගේ මව කකුලෙන් උත්සහ කොට ඇති අතර,ඉන් දැරියගේ මවගේ පාදයකටද හානි සිදුව ඇති බව පොලිසිය පැවසූහ.

