ඓතිහාසික ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්න


(තිළිණි ද සිල්වා)

රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින්නැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව එම නිවාඩු කාලය බලපැවැත්වෙන හෙට (18) සහ  (20) යන දිනයන් වල එම ස්ථාන වල සංචාරය නොකරන්නැයිද අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර  මහතා අද (17) පැවසීය.

එසේම විදේශීය සංචාරකයින් එවැනි පුරාවිද්‍යා ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින්නැයිද සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මගපෙන්වන්නන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.

පැතිරයන කොරෝනා වසංගතය හේතුවෙන් රජය ලබා දී ඇති විශේෂ නිවාඩු  කාල සීමාව සම්බන්ධයෙන් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා වෙබ් අඩවි විවෘතව තබා ගැනීමේ දුෂ්කරතා ඇති බැවින් මෙම විශේෂ උපදෙස් යාවත් කාලීන කිරීමටද නොහැකි වී ඇතැයිද හෙතෙම පැවසීය.