(නිමන්ති රණසිංහ)
(ඡායාරූප - ඉෂාන් සංජීව)
සීමාසහිත විජය පුවත්පත් සමාගම 16 වන වරටත් දායකත්වය දක්වන ඓතිහාසික තන්තිරිමලේ ආලෝක පූජාවේ සමාරම්භක උත්සවය අද (15) පස්වරුවේ එම පූජා භූමියේ දී ආරම්භ විය.
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් අද (15) දිනයේදී ආලෝක පූජාවෙ විදුලි පහන් දැල්වීම සිදුවිය.
මෙම උත්සවයේ ආරම්භක අංගය වූ තන්තිරිමලේ සංඝමිත්තා දහම් පාසලේ සිසු දරුදැරියන් සිය දෙනෙකුට නිල ඇඳුම් සහ පාසල් උපකරණ කට්ටල බෙදාදීම සිදුවූයේ අද පස්වරු 3 ට පමණය.
තන්තිරිමලේ විහාරවාසි පූජ්‍ය සෝමානන්ද හිමි, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පේර මණ්ඩියේ ධර්මපාල හිමි යන ස්වාමීන් වහන්සේලා උත්සවයේ මුලසුන හෙබවූහ.
සීමාසහිත විජය පුවත්පත් ආයතනයේ සාමාන්‍ය සහකාර අධිකාරි වෙළෙඳ නාම හා ප්‍රවර්ධන සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලීන් නිවුන්හැල්ල, මානව සම්පත් කළමනාකාර තිස්ස කහඳවලආරච්චි, සහකාර සාමාන්‍යාධිකාරී (ගබඩා) නිමල් වික්‍රමසිංහ, ආරක්ෂක උපදේශක විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී පිරිස් යන මහත්වරුන් ඇතුළු විජය පුවත්පත් සමාගමේ සේවක මහත්වරු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ.







