ඒලියන්ත වයිට් මූල්‍ය අපරාධ පොලිසියේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති සමයේ ඔහුගේ සමීපතමයකුව සිටි බව කියන ඒලියන්ත වයිට් ප්‍රශ්න කිරීම සඳහා අද (5) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා ඇත.

හිටපු ජනපති පදිංචිව සිටින මිරිහානේ නිවස සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු එහි ගෙන්වූ බව කියති.