ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ශ්‍රී ලාංකික තානාපති පුරප්පාඩු මාස කිහිපයක සිට පවතින බව එරටවල ශ්‍රී ලාංකිකයෝ පවසති. ගිය රජයේ දේශපාලන පත්වීම් ලබා තානාපතිවරුන් වශයෙන් සිටි බොහෝ දෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතත් නව තානාපතිවරුන් මේ වනවිටත් පත්කොට නොමැත. තානාපති කාර්යාලවල සිටි අමාත්‍ය උපදේශකයින්ද නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත. යුරෝපය ඇතුළු බොහෝ රටවල පවතින ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිලිබදව විමසීමේදී විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සත්‍යා රුද්‍රිගෝ මහතා කියා සිටියේ පුරප්පාඩු පිරවීම දවසින් දෙකින් කළ නොහැකි බවයි. නව තානාපති වරුන් පත් නොකොට හිටපු තානාපතිවරුන් හදිසියේ ගෙන්වා ගත්තේ මන්දැයි එසැණ කළ විමසුමට ඒ මහතා මෙසේ පැවසිය.
‘මම ඒවා ගැන දන්නේ නැහැ. තානාපති වරුන් පත්කොට අපට දැනුම් දුන්නට පසු මාධ්‍යට කියන්න අපිට පුළුවන්. එච්චරයි අපි දන්නේ.‘

