ඒකාබද්ධයේ රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත්වූ හිටපු ඇමතිවරු 3 ක්


(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීමට ආණ්ඩුවෙන් මෑතකදී ඉවත්වූ හිටපු ඇමතිවරුන් වන එස්.බී දිසානායක, සුසිල් පේ‍්‍රම්ජයන්ත සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු සහභාගී වූහ. ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීමට සහභාගිවූ පළමු අවස්ථාව මෙයයි.

  මෙම රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී අද (31) සවස පැවැත්විණ.

     විපක්‍ෂයේ නිල අයිතිය ඒකාබද්ධ විපක්‍ෂයට ගැනීම, පළාත් සභා මැතිවරණය කඩිනමින් ගැනීම, පොදුජනරළ සම්මන්ත‍්‍රණ මාලාව, සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය.