ඒකාබද්ධ විපක්ෂයෙන් ජාතික සමුළුවක්


ජිනීවා යෝජනාවට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් රට පුරා සමුළු පවත්වන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මෙහි ආරම්භය ලෙස ලබන 19 වැනිදා සවස 3.30 ට කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී ජාතික සමුළුවක් පවත්වන බව ඔහු කීවේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමෙන් ශ්‍රී ලංකා රජයට ඉතිරිවුණු රුපියල් මිලියන 300 යොදාගෙන වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට සහන ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

webopposite_20151012 webopposite_20151012--2