ඒකාබද්ධ විපක්ෂය සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹයි


නාලක සංජීව දහනායක

 

ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලූම දේශපාලන පක්‍ෂ හා සංවිධාන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධාන ගතවීම සඳහා මේ සතියේ දී සාකච්ඡා ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙම සන්ධානය ඉදිරි මැතිවරණවලට නෙළුම් පොහොට්ටුව ලකුණ යටතේ තරග කරන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර