ඒ වැඩෙනුත් මුල් තැන ලංකාවට


පසුගිය වසර 10ක කාලයේ මෙරට කාන්තා හා ළමා දූෂණ අපරාධ සිද්ධි 26,937කට වැඩි ප්‍රමාණයක් වාර්තාවී ඉන් සිද්ධි 15,510ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිකුරාදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැස්වීමකදී පැවසීය.

නීතිපති ගොනු කර ඇති එම නඩු විභාග තවමත් අවසන්වී නැතැයිද ඔහු කියයි. මේ වසරේ ගතවූ මාස හතරේ මෙවැනිම අපරාධ සිද්ධි 1076 ක් වාර්තාවී තිබෙන බවද ඔහු පවසයි.

අනෙක් රටවල් හා සැසඳීමේදී කෝටි දෙකක ජනගහණයක් සිටින ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය ඉතාම බරපතල බවද ඒ ගැන මව්පියන්ද සිය දරුවන් ගැන වඩාත් සැලකිලිමත් විය යුතු කාලය එළැඹ ඇතැයිද අමාත්‍යවරයා කීවේය.