ගාල්ල වරායේ නාවික හමුදා භූමියේ ඇවන් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක ආයතනය හා රක්නා ලංකා ආයතනය පවත්වාගෙන ගිය බව කියන අවි ගබඩා තුනක් පිරික්සීමට ගාල්ල මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ගාල්ල වරාය පොලිසියට වරෙන්තුවක් නිකුත් කළාය.
එහිතබා ඇති මෙම අවි ගබඩා තුනට ආරක්ෂාව සපයන ලෙසද මහේස්ත්‍රාත්වරිය නාවික හමුදාවට නියෝග කළාය. මේ අතර මීට කලින් වරායේ බත්තලක ගබඩා කර තිබූ අවි ගැන වෙනම පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය පවසයි.

