
‘සඳ අපේ’ (ඇමෙරිකාවේ) යැයි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් පළ කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන් සුපිරි වීරයෙකු බව පෙන්වන ආකාරයේ AI කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ පින්තූරයක් සහ වීඩියෝවක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.
මෙය මේ වනවිට කාගේත් කතාබහට ලක් වී අවසන්ය.
ප්‍රසිද්ධියට පත් කළ එම AI ඡායාරූපයේ සහ වීඩියෝ දසුන්වල දැක්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බල මුදුව පලඳින ග්‍රීන්ලැන්ටර්න් සුපිරි වීරයකු ලෙසය.
මේ වනවිට HBO නාළිකාවේ ‘ලැන්ටර්න්ස්’ නමින්, ග්‍රීන්ලැන්ටර්න් වීරයන්ගේ රූපවාහිනී කතාමාලාවක් ද විකාශය වෙයි. එය ලොව පුරා ජනප්‍රිය වී ඇත.

