ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද?


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

"මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව ඒ.කේ.ඩී එදා කිව්වා. ඒත් අද ජනාධිපති කියන්නේ වෙන දෙයක්. ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද කියලා හිතෙනවා. තව නොබෝ දිනකින් සියයට 6.8 කින් විදුලි බිල වැඩි කරන්න යනවා. ආර්ථිකය එක තැන පල් වෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.

නලින් බණ්ඩාර මහතා මේ බව කීවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු පිළිබඳ විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එන ලද කල් තැබීමේ විවාදය අරඹමිනි.