ඒ -9 මාර්ගයේ කොටසක් ගිලා බසී


 

 
(මොහොමඩ් ආසික්)
 
මහනුවර දිස්ත්‍රික්කයේ  බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර යාපනය  ඒ - 09  මාර්ගයේ කොටසක් අලවතුගොඩ අටේ කණුව ප්‍රදේශයෙන් ගිලා බැස තිබේ.

 
මෙම ස්ථානයේ විශාල කොටසක් ගිලා බැස ඇති අතර මංතීරු දෙකකින් යුත් මෙම මාර්ගය ගිලා බැසීම නිසා  මෙම ස්ථානය වාහන ගමනාගමනයට  එක් මංතීරුවකට සීමා කර තිබේ.
 
අධික වර්ෂාව පවතින අවස්ථාවල මෙම මාර්ගයේ ඇතැම් ස්ථාන අනතුරුදායක වන බැවින් වාහන ගමනාගමනයේදී අවධානයෙන් සිටින  ජනතාවගෙන් අදාළ අංශ ඉල්ලා සිටී.