ඒ -9 මාර්ගයේ අනතුරකින් 19 කට තුවාල


 

 

රොමේෂ් මධුෂංඛ

 

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේ දී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මැදවච්චිය පොලීසිය කියයි.

කොළඹ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක සහ විදුලි කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට සහ මැදවචිය රෝහලට රැගෙන ගොස් ඇත.

අනතුර සිදු වූ බස් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ වලින් හෙළි වී ඇතැයි මැදවච්චිය පොලීසිය පවසයි.