රොමේෂ් මධුෂංඛ
යාපනය මහනුවර එ්-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පුලයින්කුලම් පොලීසිය පවසයි.
වවුනියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වව්නියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
බස් රථය හා කන්ටේනර් රථය අධික වේගයෙන් ගමන් කර වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන පුලියන්කුලම් පොලීසියට කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ කාන්තාවක් හා කන්ටේනර් රථයේ රියදුරු වන අතර තුවාල ලැබූ තිදෙනාගෙන් බස් රථයේ රියදුරුගේ තත්වයද ඉතා බරපතල තත්වයක ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මිය ගොස් ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරු වූ පල්ලියවත්ත උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි ජයමහමුදලිගේ දොන් උජිත් දේශාන්ත හා මිය ගිය බස් රථයේ කාන්තාව වූ කිලිනොච්චිය සෙල්වනගර්හි පදිංචි කිංස්ලි අරුලයියා ජයරාසා සරෝජනී දේවී නැමති අය වෙයි.





