එළුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය නවතී


 
රෝවන් පෙරේරා      

                                                 
පැවති අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යාමෙන් දින කිහිපයක සිට පුත්තලම වනාතවිල්ලුව එලුවන්කුලම හරහා මන්නාරම් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණ ඇණ හිට තිබේ.


ඉකුත් 21 වැනි දා රාත්‍රී කාලයේ සිට 22 මේ දක්වා වැසි නොවැටීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම තරමක් පහත වැටී තිබූණද මාර්ගයේ ගමනාගමන කටයුතු වලට හැකියාවක් නොලැබී ඇත.


කොලඔ පුත්තලම එලුවන්කුලම හරහා මන්නාරම් දක්වා ගමන් කිරීමට මෙම මාර්ගය භාවිතා කළ අයට පුත්තලම හරහා නොච්චියාගම ඔයාමඩුව තන්තිරිමලේ හරහා වව්නියා යාපනය මන්නාරම් යාමට සිදුවී ඇති අතර  පුත්තලම අනුරාධපුර හරහා මාර්ගයද භාවිතා කළ හැකිය. මෙම මාර්ග භාවිතා කිරීමේදී අමතර කිලෝ මීටර 100 දුරක් ගෙවීමට සිදුවේ.


එළුවන්කුලම පිවිසුම් දොරටුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වූ  සංචාරකයින්ට නොච්චියාගම හුණුවිල ගම ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වීමට සිදුවී ඇත.