එළිමහනේ වෙසක් සමරන්න බෑ


(සුජිත් හේවාජුලිගේ )

දැනට පවතින තත්වය අනුව වෙසක් උත්සවය වෙනදා සැමරූ විදියට එළිමහනට ගොස් සැමරීමේ හැකියාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් වෙසක් උත්සවය සිය පවුලේ සාමාජිකයන් සමග නිවෙස්වල සිට සැමරීමේ බාධාවක් නැතැයි ද කියයි.

කොවිඩ් වයිරසය වේගයෙන් පැතිර යන හෙයින් ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව කී යුද හමුදාපතිවරයා සියලු දෙනා එකතු වුවහොත් මෙම සතුරා පරාජය කිරීම අපහසු නැතැයි ද පැවැසුවේය.