නීති විරෝධී ලෙස එළහරක් ප්‍රවාහනය කළ සැකකරුවන් 6 දෙනකු හික්කඩුව ප්‍රදේශයේදී අද (26) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එළ හරක් 8 දෙනකු පැටවූ ලොරිය හා ඒ සමග පැමිණි වෑන් රථයක්ද පොලිස් භාරයට ගත් බවත් ලොරියේ රියදුරු මීට පෙරද නීති විරෝධී අයුරින් හරක් ප්‍රවාහනය කර නීතියේ රැහැනට හසුවූ අයකු බවත් පොලිසිය පවසයි.





