(මොහොමඞ් බුහාර්ඩින්)
ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොවීහු සිය අස්වැන්න විකුණාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති. ඔවුන් වැඩිපුර වගා කර ඇති තක්කාලි, ගෝවා වැනි එළවලු වර්ග මේ හේතුවෙන්එළවලු කොටුවලම කුණු වී විනාශ වී ගොස් තිබේ.
ගලේවෙල , පට්ටිවෙල , කට්ටන් කොටුව , රුවන්පුර ආදි ගම්මාන වල ගොවීහු මෙම ගැටළුවට මුහුණ පා සිටිති.
මේ පිළිබද අදහස් දැක්වු පටිටිවෙල කට්ටන් කොටුව පදිංචි - ඩබ් ජි රංජිත් පෙරේරා ගොවි මහතා -
‘ මේ වතාවේ මම තක්කාලි හැදුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් මිල ඇහුවා රු 5 යි 10 අතර මිලකට තමයි තක්කාලි අලෙවි වෙන්නේ. තක්කාලි කිලොවක් නිපදවන්න රු 25 ත් 35 අතර මුදලක් වැය වෙනවා මෙහෙම ගියොත් ලොරි කුලියවත් හොයා ගන්න බැරිවෙන නිසා තක්කාලි අස්වැන්න නෙලන්නෙම නැතිව තක්කාලි කොටුව අතහැර දැම්මා . ගෝවාත් හැදුවා දැන් එකත් අලෙවි වෙන්නේ රු 10ට. මේ පැත්තේ ගොවියෝ ගණනාවක් මේ විදිහට තක්කාලි කොටු අතහැර දමලා දැන් ඉතින් තක්කාලි කොටුවල කුණු වෙනවා.